Pages

Saturday, September 6, 2014

අයිස් බකට් වගෙද අපෙ අමුමිරිස් චැලේන්ජ් එක (#SLAmuMirisChallenge)

මෙ දවස් වල ඉතින් නොදන්න කෙනෙක් නැහැ නොවැ මෙ අයිස් බක්ට් කෙරුවාව . මුලින් මම ටිකක් මෙ ගැනත් කියන්නම් මොකො මෙකෙ ටියුබ් ලයිටුත්  ඉන්නවනෙ . ඔන්න ඕක පටන් ගත්තෙ ජූලි මාසෙ විතර . මේකට ASLඅයිස් බකට් චැලෙන්ජ් කියලත් කියනවා .මෙ වගෙ චැලෙන්ජ් ගනනාවක්  තිබුනට මෙ තරම් ජනප්‍රිය උනෙ නැහැ . සීතල වතුරට පැනීම වගෙ දේවල් . මෙවා ගොඩක් සිදුකරෙ එක එක දෙවල් අරමුනු කරගෙන අරමුදල් ගොඩනගා ගැනීමට . ASLඅයිස් බකට් චැලෙන්ජ් එකෙ අරමුන වනුයෙ ASL රෝගයෙන්   ( amyotrophic lateral sclerosis)පීඩා විදින්නන් වෙනුවෙන් අරමුදල් එක් රැස් කිරීමයි .මෙහි ඇති නීති රාමුවවන්නෙ අබියෝගය බාරගන්න කෙනා පැය 24 ක් තුල එය සිදුකල යුතුයි . ඔහු එය රූප ගතකර අන්තර් ජාලයෙ ප්‍රසිද්ද කල යුතුය . තවද ඇ .ඩොලර් 10 මෙම අරමුදලට බැර කලයුතුය . තවද ඔහුට කෙනෙකුට අබියෝග කල හැක . ඔහුට අබියෝගය බාර ගත නොහැකි වුනොත් ඇ .ඩොලර් 100 අරමුදලට බැර කල යුතුය . මෙය ඇමරිකාවෙන් ආරම්බවී මුලුමහත් ලොකයේම ප්‍රසිද්ද වුයෙ සාමජ ජාල හරහාය . මෙයට ලෝකෙ ප්‍රබල චරිත ගනනාවක් සහබාගි විය . බැරැක් ඔබාමා ඉදන් ලoකාවෙ ජීවන් ගෙ කෙලී දක්වා සහබාගි විය .

ලoකාව සමකාසන්න රටක් බැවින් අයිස් බකට් එකක් හලා ගැනීම නිකන් උඩ බලන් හූවක් කීම වැනිය . දැන් ඉතින් උබලා උඩබලන් ඔක කරන්න යන්න එපා . ඉතින් ඔය බකට් මගුල අපිට මහ ගේමක් නොමැති නිසා අපෙ උන් අලුත් චැලෙන්ජ් එකක් පටන් අරන් . එකෙ නම ශ්‍රීලංකා අමු මිරිස් චැලෙන්ජ්(#SLAmuMirisChallenge) . මෙහි අරමුන වනුයේ අපේරටේ මහා වියසනයක් වන රජරට වකුගඩු රෝගයෙන් පීඩා විදින අපේ රටෙ මිනිසුන් වෙනුවෙන් අරමුදලක් ගොඩ නැගීමට .මෙම අරමුදලින් පොලොන්නරුව ජාතික රෝහලට රුදිර කාන්දු කරන යන්තරයක් ලාබාදීමට . මෙය රුපියල් මිලියන් 3ක් විතර වෙනවා . එ කියන්නෙ ලක්ශ 30ක් . මෙය තමයි මෙහි ආරම්බක ඉලක්කය .  ඇත්තටම මෙය  මහා උතුම් කර්තව්‍යක් . රජරට බොහෝ ජනයා මෙම මූසල රෝගයෙන් පීඩා විදිනවා . අපි රසකර කන බත් ඇටෙ ගානෙ තියෙන්නෙ මෙ මිනිස්සුන්ගෙ කදුලු . ලoකාවෙ හැමෝම දවසක් හරි මෙ මිනිසුන් ගෙ කුබුරු වල හාල් පරිබොජනය කරල තියනවා . ඉතින් අපි එ අසරන මිනිසුන් වෙනුවෙන් මෙහෙම දෙයකට හරි දායක් වෙමු .
මුලින්ම කියන්න එපැයි මෙහි ආරම්බකයින් ගැන . සයිබර් අවකාශයෙ අපෙ සැරි සරන අපෙ සෙට් එකක් තමයි මෙ උතුම්  පුන්‍ය කර්මයට මුල් ගල තියලා තියෙන්නෙ . ඔවුන් නමින් SLAID . මොවුන් විවිද වුර්තීන් වල නියැලෙන සහෝදරයින් පිරිසක් . 
ඔන්න ඉතින් මම කියන්නම් කොහොමද මෙකෙ යන්නෙ කියලා . චැලෙන්ජ් එකෙ තමයි අමුමිරිස් කරල් තුනක් කන්න ඔනෙ . ඔබ මෙම චැලේන්ජ් එක බාර ගෙන අමුමිරිස් කරල් තුනක් කැවනම් ඔබට ඔබ කෑ මිරිස් කරල් තුනට හරියන්න තුන්දෙනෙකුට අබියොග කල හැකි . තවද මෙම අර මුදලට රුපියල් 100කින් ආදාර කරයුතුය . ඔබට අවාසනාවකට අබියොගය බාරගැනීමට නොහැකි වුනොත් ඔබ රුපියල්1000 කින් ආදාර කල යුතුය . මෙහෙමයි අමුමිරිස් කාලා ඔබට රුපියල් 100ට වැඩිය දාන්න පුලුවන්නම් දාන්න . මෙහෙමයි ඔබ සියලු අරමුදල් බැර කලයුත්තෙ සම්පත් බැoකුව කොලබ සුපිරි ශාකාව (Colombo super Branch ) ගිනුම් හිමිකරුගෙ නම -SLAID ගිනුම් අoකය -117561000881. ඔන්න ඔහොමයි විස්තරේ . ඔයාලට මෙ ගැන තව ඕන තරම් හොයාගන්න පුලුවන් බුකියෙනුයි උබෙ බටෙනුයි (youtube). මෙකට ගෘප් එකකුත් තියනවා එකට ගියහම ඔයාලට බලන්න පුලුවන් කට්ටිය ඌස් ඌස් ගාගා අමු මිරිස් කන හැටි . මෙ ඉතින් අපේම මිනිසුන් වෙනුවෙන් කරන වැඩක් නෙ . සහාබාගි වෙන්න . දන්න කියන හැම කෙනාටම කියන්න . තරහ කාරයොන්ටත් කියන්න අනෙ . කොහොමද උන් එතකොට අමු මිරිස් කද්දි දැනෙන කාලකන්නි සන්තෝසෙ . මම ඉල්ලන්නෙ විසේසයෙන් අපෙ පිට රට සිටින මිතුරන්ට . මෙය පතුරවන්න . ඔබෙ අමුමිරිස් කැම රූප ගත් කර ජාල ගත කරන්න . දන්න කියන හැමෝන්ටම අමු මිරිස් කවන්න . ඔබත් වකුගඩු රෝගීන් වෙනුවෙන් දායක වෙන්න .
ආ……! කියන්න බැරි උනානෙ මටත් ටොපිය සෙටි  වෙන්න යන්නෙ . දන්න කියන එකෙක්ට වැඩෙ සෙට් වෙලා . එ කියන්නෙ සිහින දකින්නාටත් අමුමිරිස් පිහිටයි .

No comments:

Post a Comment

ඔබගෙ අදහස් මට ගොඩක් වැදගත් . එවා සටහන් කිරිම ගැන කෘතක්‍යවෙමි

Related Posts Plugin for WordPress, Blogger...