Pages

Saturday, September 6, 2014

අයිස් බකට් වගෙද අපෙ අමුමිරිස් චැලේන්ජ් එක (#SLAmuMirisChallenge)

මෙ දවස් වල ඉතින් නොදන්න කෙනෙක් නැහැ නොවැ මෙ අයිස් බක්ට් කෙරුවාව . මුලින් මම ටිකක් මෙ ගැනත් කියන්නම් මොකො මෙකෙ ටියුබ් ලයිටුත්  ඉන්නවනෙ . ඔන්න ඕක පටන් ගත්තෙ ජූලි මාසෙ විතර . මේකට ASLඅයිස් බකට් චැලෙන්ජ් කියලත් කියනවා .මෙ වගෙ චැලෙන්ජ් ගනනාවක්  තිබුනට මෙ තරම් ජනප්‍රිය උනෙ නැහැ . සීතල වතුරට පැනීම වගෙ දේවල් . මෙවා ගොඩක් සිදුකරෙ එක එක දෙවල් අරමුනු කරගෙන අරමුදල් ගොඩනගා ගැනීමට . ASLඅයිස් බකට් චැලෙන්ජ් එකෙ අරමුන වනුයෙ ASL රෝගයෙන්   ( amyotrophic lateral sclerosis)පීඩා විදින්නන් වෙනුවෙන් අරමුදල් එක් රැස් කිරීමයි .මෙහි ඇති නීති රාමුවවන්නෙ අබියෝගය බාරගන්න කෙනා පැය 24 ක් තුල එය සිදුකල යුතුයි . ඔහු එය රූප ගතකර අන්තර් ජාලයෙ ප්‍රසිද්ද කල යුතුය . තවද ඇ .ඩොලර් 10 මෙම අරමුදලට බැර කලයුතුය . තවද ඔහුට කෙනෙකුට අබියෝග කල හැක . ඔහුට අබියෝගය බාර ගත නොහැකි වුනොත් ඇ .ඩොලර් 100 අරමුදලට බැර කල යුතුය . මෙය ඇමරිකාවෙන් ආරම්බවී මුලුමහත් ලොකයේම ප්‍රසිද්ද වුයෙ සාමජ ජාල හරහාය . මෙයට ලෝකෙ ප්‍රබල චරිත ගනනාවක් සහබාගි විය . බැරැක් ඔබාමා ඉදන් ලoකාවෙ ජීවන් ගෙ කෙලී දක්වා සහබාගි විය .

ලoකාව සමකාසන්න රටක් බැවින් අයිස් බකට් එකක් හලා ගැනීම නිකන් උඩ බලන් හූවක් කීම වැනිය . දැන් ඉතින් උබලා උඩබලන් ඔක කරන්න යන්න එපා . ඉතින් ඔය බකට් මගුල අපිට මහ ගේමක් නොමැති නිසා අපෙ උන් අලුත් චැලෙන්ජ් එකක් පටන් අරන් . එකෙ නම ශ්‍රීලංකා අමු මිරිස් චැලෙන්ජ්(#SLAmuMirisChallenge) . මෙහි අරමුන වනුයේ අපේරටේ මහා වියසනයක් වන රජරට වකුගඩු රෝගයෙන් පීඩා විදින අපේ රටෙ මිනිසුන් වෙනුවෙන් අරමුදලක් ගොඩ නැගීමට .මෙම අරමුදලින් පොලොන්නරුව ජාතික රෝහලට රුදිර කාන්දු කරන යන්තරයක් ලාබාදීමට . මෙය රුපියල් මිලියන් 3ක් විතර වෙනවා . එ කියන්නෙ ලක්ශ 30ක් . මෙය තමයි මෙහි ආරම්බක ඉලක්කය .  ඇත්තටම මෙය  මහා උතුම් කර්තව්‍යක් . රජරට බොහෝ ජනයා මෙම මූසල රෝගයෙන් පීඩා විදිනවා . අපි රසකර කන බත් ඇටෙ ගානෙ තියෙන්නෙ මෙ මිනිස්සුන්ගෙ කදුලු . ලoකාවෙ හැමෝම දවසක් හරි මෙ මිනිසුන් ගෙ කුබුරු වල හාල් පරිබොජනය කරල තියනවා . ඉතින් අපි එ අසරන මිනිසුන් වෙනුවෙන් මෙහෙම දෙයකට හරි දායක් වෙමු .
මුලින්ම කියන්න එපැයි මෙහි ආරම්බකයින් ගැන . සයිබර් අවකාශයෙ අපෙ සැරි සරන අපෙ සෙට් එකක් තමයි මෙ උතුම්  පුන්‍ය කර්මයට මුල් ගල තියලා තියෙන්නෙ . ඔවුන් නමින් SLAID . මොවුන් විවිද වුර්තීන් වල නියැලෙන සහෝදරයින් පිරිසක් . 
ඔන්න ඉතින් මම කියන්නම් කොහොමද මෙකෙ යන්නෙ කියලා . චැලෙන්ජ් එකෙ තමයි අමුමිරිස් කරල් තුනක් කන්න ඔනෙ . ඔබ මෙම චැලේන්ජ් එක බාර ගෙන අමුමිරිස් කරල් තුනක් කැවනම් ඔබට ඔබ කෑ මිරිස් කරල් තුනට හරියන්න තුන්දෙනෙකුට අබියොග කල හැකි . තවද මෙම අර මුදලට රුපියල් 100කින් ආදාර කරයුතුය . ඔබට අවාසනාවකට අබියොගය බාරගැනීමට නොහැකි වුනොත් ඔබ රුපියල්1000 කින් ආදාර කල යුතුය . මෙහෙමයි අමුමිරිස් කාලා ඔබට රුපියල් 100ට වැඩිය දාන්න පුලුවන්නම් දාන්න . මෙහෙමයි ඔබ සියලු අරමුදල් බැර කලයුත්තෙ සම්පත් බැoකුව කොලබ සුපිරි ශාකාව (Colombo super Branch ) ගිනුම් හිමිකරුගෙ නම -SLAID ගිනුම් අoකය -117561000881. ඔන්න ඔහොමයි විස්තරේ . ඔයාලට මෙ ගැන තව ඕන තරම් හොයාගන්න පුලුවන් බුකියෙනුයි උබෙ බටෙනුයි (youtube). මෙකට ගෘප් එකකුත් තියනවා එකට ගියහම ඔයාලට බලන්න පුලුවන් කට්ටිය ඌස් ඌස් ගාගා අමු මිරිස් කන හැටි . මෙ ඉතින් අපේම මිනිසුන් වෙනුවෙන් කරන වැඩක් නෙ . සහාබාගි වෙන්න . දන්න කියන හැම කෙනාටම කියන්න . තරහ කාරයොන්ටත් කියන්න අනෙ . කොහොමද උන් එතකොට අමු මිරිස් කද්දි දැනෙන කාලකන්නි සන්තෝසෙ . මම ඉල්ලන්නෙ විසේසයෙන් අපෙ පිට රට සිටින මිතුරන්ට . මෙය පතුරවන්න . ඔබෙ අමුමිරිස් කැම රූප ගත් කර ජාල ගත කරන්න . දන්න කියන හැමෝන්ටම අමු මිරිස් කවන්න . ඔබත් වකුගඩු රෝගීන් වෙනුවෙන් දායක වෙන්න .
ආ……! කියන්න බැරි උනානෙ මටත් ටොපිය සෙටි  වෙන්න යන්නෙ . දන්න කියන එකෙක්ට වැඩෙ සෙට් වෙලා . එ කියන්නෙ සිහින දකින්නාටත් අමුමිරිස් පිහිටයි .

Monday, September 1, 2014

SMS වලින් වෙනඋන් හොයන්නෙ නැතුව හොයපන්කො පොදු අපෙක්ශකයාවත් .

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ දැන් තමයි බොලව් හුස්මක් කටක් ගන්න පුලුවන් උනෙ . මොකො මෙ සෙමෙස්ටරෙ මම තුමාට විශ්ව විජ්ජාල දෙකක විබාග නොවැ . අව්ලක් නැහැ ඉතින් . ඔන්න සෙරම මගුල් ඉවරයි . මෙ දවස් වල අපෙ මොරටුවෙ විජ්ජාලෙ සුපර් උන්  ගොඩක්  මෙගොඩ උනා . උන් ඉතින් අර කලුපාට රෙද්ද පොරවන් බුකියෙ පොටො දානවා . ඔන්න ඉතින් හා හා පුරා කියලා උබලගෙ ඉදිරි අනාගතෙට සුබ පතනවා . (හොද පඩියක් හම්බවෙන ජොබක් හම්බවෙවා යලා )


ඔන්න මෙ දවස් වල ඉතින් ටිකක් ටෙලිවිසොන් එක  ගාව හිටියා . ඉස්සර නම් ඉතින් හැම චැනල් එකකම හැමොම තරගෙට සින්දු කියනවා . එත් දැන් මුන් තරගෙට නටනවා . නටනව කියන්නෙ අලුතෙන් අල්ලපු මාලු ගොඩ දාලවගෙ . මට තියන එකම අව්ල ඇයි මුන් මෙච්චර sms ගහගෙන නටන උන් වයි සින්දු කියන උන් වයි හොයන්නෙ . හොයපන් කො වෙන දෙයක් . අඩුම ගනෙ හොද විපක්ශයක් ,නැත්තම් අර නැතිඋන මැලෙ ගුවන් යානය , එහෙම නැත්තම් මෙ දවස් වල කට්ටිය ඉරාගෙන හොයන පොදු අපෙක්ශකයා වත් . නැහැ ඉතින් ඔය මගුල් වල මෙච්චර සීසන් පහ හය ගහගෙන මුන් හදන්නෙ ලoකාවෙ ඉන්න හැමොම ගායකයො නර්තන ශිල්පින් කරන්නනෙ . ටිකක් හිතන්න ඇත්තටම මුන් මෙච්චර ඉරාගෙන හොයන්නෙ ලoකාවෙ ගායකයොන්ගෙ හරි නටන උන්ගෙ හරි අඩුවක් තියනවා වගෙනෙ . නැහැනෙ ඔය ඉන්නෙ යස අගේට . මොකා අවත් තාම අර ඇගපුරා පච්ච ගහන් කරාබු දාගෙන හෙන මරාල පෙනුමක් ගන්න හැදුවත් අපෙ සමහර කෙල්ලෙක්ටවත් නැති අහින්සක කටහඩක් තියන බස් අජිත් (අජිත් මුතුකුමාර ) ගෙ ජනප්‍රිය තාවය  ඔහොම ආපු එකෙක්ට ලන් වෙන්න පුලුවන් උනාද . උන් නරකයි කියනව නෙවෙ . උන්ගෙන් කිපදෙනෙක් ගේම හරියට ගහගත්තා . එත් බහුතරයකට සොඩා බොතල් නියාය වැඩකරෙ . අවා ගියා .




ඇත්තටම මෙ මගුල් ක්‍රමෙ රටට  ඔන දෙයක් හොයන්න ගනින් කො . අර රනිල් සීයා ,රතු අයියලා සෙට් එක ඉරාගෙන හොයන අපෙක්ශකයා වත් .අඩුම ගානෙ රටෙ මිනිස්සු කාලා බිලා ඉන්නවද කියල අර 2500 න් . මොකෙක් ගෙ හරි උවමනාවකට ඉතින් අපෙ උනුතු ගිහින් ඔතන නටනව , සින්දු කියනව  ඇග විකුනලා හරි මුන් දිනන්න බලන්නෙ . හිතන් ඉන්නෙ ඔක දින්නහම සෙරම හරි කියල . කොහොමත් දින්න හැම එකාම මුල්කාලෙ එ චැනොල් එකෙන් උස්සලා තියනවා උ සින්දු කිව්වෙ නැතිඋනත් . ඉලග එකා ආවහම උ හොයාගන්නවත් නැහැ . අපෙ හරක් පට්ටිය ඉතින් ඉරාගෙන  sms  ගහනවා .මෙවා ඉතින් සිරිලoකාවටම හොදයි . දැන් ඉතින් උබලත් මෙක කියවලා ගිහින් අයෙත් අරවා බලලා sms ගහපන් . ජය වේවා …… සිහින දකින්නා …..! 

Saturday, July 19, 2014

වැල පිටින් සාරි ඇදිම .....!

ඔන්න ඉතින් කාලෙකින් නෙ ... කොහෙද අප්පා වැඩ නෙ .. මෙ කාලෙ ඉතින් හැම විශ්ව විජ්ජා ලෙකෙම විබාග නොවැ .... 
මම වාගෙම ලියන අනිත් අයට ජයෙන් ජයම වෙවා  කියල ප්‍රාර්තනා කරනවා . ඔන්න ඉතින්  මම තුමා විශ්ව විජ්ජාලෙ යන 
දවසක් වෙච්ච කතාවක් මෙ . (තාම යනව ඇ එ විජ්ජාලෙට ). 
ඔන්න මම තුමා 138 බස් එකක නැගලා එහෙම හයිලෙවල් එකෙ යනවලු ඇ ...! මෙ බස් වල හැටි ඉතින් මෙවල යන උන් ට අමුතුවෙන් කින්න ඔන්නෙ නැහැ නෙ . ඔන්න ඉතින් නැග්ගා විතරයි යකො මම විතරයි හිට ගෙන ඉන්නෙ අපෙ කොන්දොස්තර අයිය කියපි මැද පොලිමෙන් ඉස්සරහට යන්න කියලා .මට නිකන් පොල්ලෙන් ගැහුවා වගෙ . යකො මම විතරයි බස් එකටම හිටන් ඉන්නෙ මු කියපි මැද පොලිමෙන් ඉස්සරහට යන්න කියලා .මම දැන් හොයපි කො යකො මෙකෙ මැද පොලිම කියලා .....! පස්සෙ උ දැන් හිනා වෙනවා .උ කියපි පුරුද්දට මල්ලි කිය උනෙ කියලා . අයෙ ඉතින් බස් එකම හිනා ..... මම හිතා ගත්තා ඉතින් අද දවසත් ඉතින් සම්පුරනයෙන්ම පිලිවලකට හරි කියල .
ඔන්න ඉතින් අරුගෙ මැද පොලිමත් අන්තිමට හොයාගෙන මම තුමා පිලිවලකට බස් එකෙ යනවලු ... අනෙ උදෙට ඉතින් බස් වලට 
නගින කට්ටියට ඉතින් මෙව්ව අමුතුවෙන් කියන්න ඔනෙ නැහැ නෙ . අම්මා .....! පිස්සු හැදෙයි සද බැබලෙයි කිව්වලු . අයෙ ඉතින් කොටටනම් කොටට දිගට නම් දිගට අනෙ අම්මෙ මෙවා දකිද්දි මට ඔන තරම් හිතෙනවා මොන මගුලකට මම කැම්පස් ගියාද කියලා 
එහෙම නු උ නනම් මමත් ඔය කොට දිග අයත් එක්ක ජොබ් එකක් කරනව නෙ . අයෙ ඉතින් පස්සෙ කොහොමත් කරනවනෙ කියල 
හිතා ගන්නව . (ජොබ් හොදෙ ..!) . 

          ඔන්න ඉතින් වෙච්ච සීන් එක හොදෙ ... මම තුමා බස් එකෙ අහින්සකව යනකොට අනෙ සීදෙවි කෙලි පැටික්කියෙක් මගෙ බස් එකට නැගපි කිව්වලු . අයෙ ඉතින් බස් එක සුවදයි . කහපාට සාරියට අනෙ අම්මෙ .....! මම හිතන්නෙ එයා වුඩො එකක් තමයි ගහල තියෙන්නෙ .
හරිම සුන්දරයි අප්පා......! මෙ දැස මගෙ පින් වන්තයි අනෙ ... ඔන්න ඉතින් මමත් ඉතින් හොරෙන් හොරෙන් එය දිහා බලනවලු අම්ම ගහයි කිව්ව . මම කවදාවත් කෙනෙක් සාරියක් අදිද්දි පලදින්නෙ නැති ආබරනයක් එයා ගෙ සාරියෙ තියනව දැක්ක . 
මට ඉතින් බකස් ගලා කොහෙදො තියන හිනාවක් අවෙ නැතැ  එවෙලාවෙ . කොකටත් කියලා තවත් ටිකක් ලන් වෙලා මගෙ රබර් ඇහැ දාල හොදට බැලුවා . මම අදුර ගත්තා මොකද්ද එ  කියලා . එක රොස පාට එකක් . මට අනෙ පව් කියල හිතුනා . මම දන්නව දැන් 
කියවන උන් හිතන දෙ . එහෙම දෙයක් නෙවෙයි . එ වෙන මොනවත් නෙවෙයි අර රෙදි වැලවල් වල රෙදි එල්ලන්න ගහන ක්ලිප් එකක් . ඔන්න ඔයින් එකක් අපෙ ගෙදරත් තිබ්බ මෙන්න පින්තුරෙ .


මටත් දැන් මොකද්ද වගෙ . පව් අප්පා හදිස්සියනෙ ....... මමත් ඉතින් ඕන මගුලක් වෙන්න කියලා හිතට ගට අරන් එ සුන්දර යුවතිට කතා කරපි . එකකුසුමි .... අනෙ අම්මෙ එ සිදෙවි මුහුනෙ හිනාව . ඔන්න ඉතින් මම කිව්වෙ නැතැ එයගෙ සාරි පොටෙ ක්ලිප් එකක් තියනවා කියලා . එය දාගෙන හිටිය බෑග් එකත් නිසා එක හරියට බලන්න බැහැ . ඔන්න ඉතින් මම විර තුමා එක ගලවලා දුන්න . අයෙ ඉතින් දැන් එ කෙල්ලගෙ මුහුන ගැන කියන්න ඔනේ නැහැනෙ . අයෙ ඉතින් රතුවෙලා එයාටත් හිනාව නවත්ත ගන්නත් බැහැ . අනෙ එ කටින් thank you so much ලස්සන හිනාවකින් කිව්ව . මට එකෙන් ලැබුන මොරාල් එක කොච්චරද කිව්වොත් මම දැන් බස් එක නැග්ග ගමන් බලන්නෙ සාරි ඇදපු අයගෙ ක්ලිප් ගහන් ද කියලා . 
ඉට ටික වෙලාවකට පස්සෙ අපි දෙන්න ඉන්න තැන තිබ්බ ශිට් එක හිස් උනා . දෙන්නම ඉතින් ඉද ගත්තා .... ඔන්න එයා ම කතාව පටන් ගත්තා 
අයෙ  thanks  කරනව . පස්සෙ මගෙන් ඇහුවා  facebook  ඉන්නවද කියලා . (ඔව් ඔව් මගෙන් ඇහුවෙ . මම අහන්න හිටියෙ )මමත් ඉතින් පැනල ඔව් කිව්ව . එයා මට එවෙලාවෙම රික්වෙස්ට් එකක් දැම්ම. මම තුම්මුල්ලෙන් විශ්ශ විජ්ජාලෙ ගාව බැස්ස . පස්සෙ එය බුකියෙන් මට මැසෙජ් එහෙම එව්ව තාමත් එහෙම තමයි දැන්  අපි හොද යාලුවො ......! (යාලුවො බොලව් , තොපිලගෙ කැත හිත ) . ඔන්න ඔහොමයි වැල පිටින් සාරි ඇදීම ... 
තවත් දවසකින් හමුවෙමු . යලි නින්දෙ ...............!

Wednesday, May 28, 2014

මම පොර වීමෙ මානසික ලෙඩෙන් පෙලෙන රෝගියෙක් දුටිමි .

ඔන්න ඉතින් අයේත් හීනයක් දැක්කා බොලව් . මේක නිකන් හීනෙන් දැක්ක හීනයක් .මම ඉතින් විස්ස
විජ්ජාලෙ ගච්චන අතර තුර ඔය අපෙ උන් ප්රයිවට විශ්ව විජ්ජාල එපා කිව්වට මම ඔන්න රෙද්දක් කියලා
ප්රයිවට විශ්ව විජ්ජාලයක වෙනත් උපාදි පාරක් දානව හොදෙ . (එක තමයි මම හිතන විදියට හොදම එක
, එක ගලෙන් කුරුල්ලයි උගෙ නන්ගි දෙන්නම )
                                                                      
          ඔන්න ඉතින් මම තුමා ඔය අලුත් මගුලට යන්න අරන් ටික දවසකි ගියා . අනේ ඇස්වහක් කටවහක්
නැහැ සීදෙවි ලමයි ටික අයියො .....! සූටි බූටි කෙලි පැටික්කියො ගොඩායි ...! ආත්ම ගත කරුමයක මහත
කියන්නෙ මගෙ බැච් එකෙ ඉන්නෙ හත්තිලව්වට ගහන කලාබර (ඔක ඉතින් මෙහෙ විතරක් නෙවෙ
රාජ්ජ එකෙත් ඔහොමම තමයි . එක නිකන් මම යන ඕන මගුලක වෙන දෙයක් අයියො............. )
        ඔන්න ඉතින් මෙ සෙට් එකත් එක්ක සතුටින් ටික කාලයක් හිටියා බොලව . ඉට පස්සෙ තමයි අපෙ
කතා නායකයා එන්ටර් වෙන්නෙ . මු අරෙන්නෙ අනිත් සෙට් එක නම් අයේ ගින්දර බොලව . මුන් රාජ්
එකට එන්න බැරි උනත් හරි හිත හොද උන් . බොක්ක උනත් ගලවල දෙන උන් .
  ඔන්න ඉතින් අරු අවා ටිකක් මැදින් විතර . මු මම හිතුවෙ අනෙ සීදෙවි කොලුවා කියල . කොහෙද ......!
ඔන්න මු 89 ඉප දිච්ච එකෙක් . ගොඩක් උන කියන්නෙ මු පැදුරට නාකිවෙච්ච එකෙක් කියල . මු අපු
ගමන් ඉතින් අලුත් එකා  නිසා මන් තුමාට රාජ් එකෙන් ලැබුනු දායාද(ඉල්ලන් කැම හා අනුන්ට උදව් කිරීම  ) නිසා මම තුමා උට පොත් ටික
දුන්න ලියා ගනින් කියලා . ඔන්න ඉතින් මු ඔක්කොම පොටොකොපි ගහගෙන මට ගෙනත් දුන්න .
ඔන්න මට හවස ලෙක්චර් එකෙ කෙල්ලෙක් ඇවිත් කියනවා එයා ගෙන් මු පොත් ටික ඉල්ල ගත්තලු
කියලා . තව කියපි මම තුමාගෙ අලි ලොකුව පොත් ඉල්ලුවහම දෙන්නෙ නැහැ කියලා . මට ඉතින් මුගෙ
අම්මයි තව එයගෙ අම්මයි මතක් උනා . මොනවා කරන්නද ම් රාජ්ජ එක නෙවෙනෙ මෙහෙ අමුතු
නිතිනෙ . මෙහෙ රාජ්ජ එකෙ වගෙ හැමෝම එකයි කියලා සන්ස්කෘතියක් නැහැනෙ .
           මමත් ඉතින් ඉවසලා හිටියා . ඔහොම ටික දවසක් ගියා කියමුකො . මුට මාව දිරවන්නෙම
නැහැනෙ . මටත් හෙන අව්ල . ඇයි යකො මුට මොකා වැහිලද කියල .මුට මාවම එපාවෙන්නෙ . බලන්
යනකොට වෙඩෙ ලාවට වගෙ සීන් වෙගෙන අවා . අපිත් එක්ක ඉන්න කෙල්ලෙක් මු ට්රයි ලු .
හිතන්නෙ එකෙල්ලට මම බහිනවා කියලා . එක ඉතින් අහන්න දෙයක්ද . මොකො කෙල්ල ඉන්නෙ
සමහර වෙලාවට කරෙ ......! හි හි හි . සහෝදර ප්රේමය බොලව .... වෙන එවා නෙවේ....!
      ඔන්න ඉතින් මු දවසක් මු අව්රුදු උත්සවයෙත් හෙන සීන් එකක් දෙම්මා නෙ . ඔන්න මෙ මගුලෙ ඔය
කනාමුට්ටි ,කොට්ට පොර වගේ තරග වලට ඉන්න උන් උදෙ 9 රෙජිස්ටර් කරන්න කිව්වා . හැමෝම
වගෙ ඉතින් එහෙමෙ කරා නෙ . ඉතින් කබ ඇදිමත් ඉතින් එහෙම තමයි . ඔන්න දැන් මු 12 විතර ඇවිත්
කියපි 3 විතර උට මෙදැන් කබ අදින්න ටිම් එකක් ඔනෙ කියලා . නැත්තම් අනිත් උන්ටත් අදින්න
දෙන්නෙ නැහැ කියලා . අනික කිව්වෙ මෙ උත්සවෙට පට්ට කට්ටක් කල කලින් දවසෙ පාන්දර එලි
වෙනකන් වැඩ කරපු අපෙ කොල්ලෙක්ට . උට ඉතින් අරුගෙ ජාතකෙම මතක් වෙනවා ඇති  වෙලා වෙ
. පස්සෙ ඇද්දෙ නම් නැහැ . එත් අපෙ උන් නම් ඇද්දා .
                                            

                   තවඋ නිකන් පොර වෙන්න හදලා හත්පොලේ ගාගත්තු එවා අනන්තයි අප්රමානයි බොලව්
.ඔන්න දැන් අපෙ බැච් පර්ටි එක ඔර්ගනයිස් කරන වැඩෙත් බලෙන්න පැනල ගත්තා නෙ එකටත්
ඉතින් බුදු සරනයි කිව්වලු . බලමුකො මු මෙකෙ මොනවා කරයි කියලා . මටනම් බයෙත් බැහැ මෙකෙ
මොන මගුලක් කරයි කියලා .
මොනව උනත් මු එක වෙලා වකට පාඩුවෙ ඉන්න එකෙක් . එත් මුට මම පොර වීමෙ මානසික ලෙඩේ
දරුනුවටම තියනවා . මදිවට වැඩ කරන උන් පෙන්නන්නත් බැරි සයිඩ් ඉෆෙක්ට් එක කුත් තියනවා
මොනවා කරන්නද බොලව මෙ ලොකේ ලෙඩ්ඩුන්ට අපි උපස්තාන කරන්න එපැයි . දැන් ඉතින් මම තුමා
උට හැමදෙම කරන්න දිලා බලා ගෙන ඉන්නව . මොනව කරන්නද පොඩි එකකා ගෙ ආසා නෙ . මුට හත්
පොලේ ගාගෙන ඇති උනහම වත් නැතිවෙයි නෙ .
                                     ඔන්න ඉතින්  අදට හීනෙ ඉවරයි බොලව . මම යලිත් නින්දෙ ......තවත් හී නෙකින්

හමුවෙමු , මීට  සිහින දකින්නා.............!

Thursday, May 1, 2014

ලොව කම්කරුවන් ගොනාට ඇන්දවීමෙ දිනය

ඔන්න ඉතින් නිවාඩු පාඩුවෙ ගෙදර ඉන්න දවසෙ   ටෙලිවිසොන් එක බලන්න ගත්තා . ටික වෙලාවක් යනකොට තමයි තෙරුනෙ මෙක දාපු ගොන් කම කියලා . ඇයි හත්තිලව්වෙ මෙකෙ එක එබුවහම නිල් පාට රැලියක් ලු . උන් කියනවා මෙතෙක් ඉතිහාසයෙ දැකපු ලොකුම මැයි රැලිය කියලා. දෙක නම් දැම්මෙ වත්  නැහැ මොකො එකෙ කොහොමත් නිල් නෙ . තුන හතර ඉතින් සිරිලන්කාවෙ එවා නෙවෙඉ බොලව් ......! පහා එබුවා විතරයි එක පක්ශයක බාගයක් විතරක් පවත්වන ගුන සමුරුවක් පෙන්නනවා. ගුන සමුරුවක් උනාට එකෙ කරන්නෙ තමන්ගෙම පක්ශෙ උන්ටම බනින එක . හය එබුවහම කොලොන්නාවෙ රැලියක් ගැන බුදු ටෝක්ස් දෙනවා .කොහොමත්  එකෙ හිටිය බහුතර දෙනාට මොකුත් මතක නති වෙලා වගෙ තමයි බොලව් හිටියෙ . හත එබුවෙ නිකන් ඔබන්න ඔන හින්ද ද කොහෙද .... අම්මට සිරි එකෙ වමෙ  කට්ටියක් ලු ඔන්න . ඉතින් මම අට එබුවෙ නැහැ මොකො එක බුදු ශුවර් එකෙම දකුනනෙ ...... ඔන්න මම ටිවි බැලුවලු 

ඇත්තටම කම්කරු දිනයක් මොකටද ?  ඔක මුලින්ම පටන් ගත්තෙ  මැයි 4, 1886. පස්සෙ  කතොලික සබාවෙන් තමයි ඔක පලවෙනිදට දාල තියෙන්නෙ . ඔක හැදුවෙ කම්කරුවන් ගෙ නිදහස , ආරක්ශාව , සහ අයිතිවාසිකම් සහා වගකීම් ගැන සාකච්චා කරන්නට . එහෙත් වර්තාමනයෙ සිදුවන්නෙ එයද? 

මට තියන ලොකුම ප්‍රශ්නෙ තමයි මොකටද මැයි රැලියට ඔලුබක්කො නටන්නෙ කියලා  . වර්තමානයෙ මැයි රැලිය හරියට කොලබ පාසලක පවත් වන පාගමනක් වගෙ . එකෙ නැති දෙයක් නැහැ . යන මිනිස්සු ගෙ කිසිම අදහසක් නැහැ .සමහර අය යන්නෙ බත් පැකට් එකටයි ගල් කාලටයි . (ගල් කියන්නෙ බොන ගල් හොදෙ . බොන උන් දන්නවනෙ )  .තවත් සමහරක් ලබාදුන්නාවු රැකියාව නිසා යනවා . නැත්තම් රැකියාවක් ලාබාදෙනබ කිඅයන පොරොන්දුවට යනවා . පව් අසරන මිනිස්සු . බහුතර දෙනා ඉතා අහින්සක එදා වේල හම්බ කරන් කන දුප්පත් මිනිස්සු . පිටිසර ගම් වලින් රජයෙ බස් වලින් සමහරක් කොලොබ හරි බලන්න පුලුවන්නෙ කියලා එන අය ඔය අතරින් එක්කෙනෙක් හරි ඇති . බහුතරයක් බස් තැබැරුම් ලග නවත්තලා ගිමන් හරිනවා . තම තමන් ගෙ හොද හිත දිනා ගන්න ට ලොකු මෝරු මෙ අහින්සක මිනිසුන් ගෙ ලෙ වල රස බලනවා .කට්ට්‍යක් අරෙහෙ රැලි අනිත් අය මෙහෙ රැලි . ඔය සෙරම කම්කරුවො නෙ , ඉතින් මොකටද රැලි ඔච්චර .සෙරම කම්කරුවොනෙ . මෙතන ඇහෙන්නෙම අරයට ජයවෙවා මෙයාට ජයවේව කියලා . කොහෙවත් කම්කරුවෙක් ගැන කියවෙන්නෙ නැහැ . මහ ලොකුවට අපි කම්කරු පක්ශ අපි රතු පාට , අරක මෙක ගගා කියන්නෙ ආන්ඩු පෙරලන්න රිද්දන්න මිසක් කිසිම කම්කරුවෙක් ගැන කියව්න්නෙ නැහැ . 
අද හවසට අර ගල් කාලත් ගහල ගෙදර ගිහින් මැයි රැලියෙ කියන්න බැරි උන දෙවල් ගෙදර ගැනිට කියවලා නින්දට යනවා . ඔතනින්  කම්කරුවා ඉවරයි .
ඇත්තටම විය යුත්තෙ . කම්කරුවන් ගැන සොයා බැලිමක් සහ එයට ඇති ගැටලු නිරාකරනයට මගක් සෙවිමයි . නැතුව අපි තමයි හොද , අරුන්ට මොකුත් බහැ කියන එක නෙවෙයි .

අමතක කරන්න එපා ඔබට දැනැන දෙත් ලියලා යන්න .

කලෙකින් ලිව්වෙ නෙ ......! එහෙනම් අයෙ දවසක හීනෙකින් හමුවෙමු . යලි නින්දෙ 

Related Posts Plugin for WordPress, Blogger...