Pages

Saturday, September 6, 2014

අයිස් බකට් වගෙද අපෙ අමුමිරිස් චැලේන්ජ් එක (#SLAmuMirisChallenge)

මෙ දවස් වල ඉතින් නොදන්න කෙනෙක් නැහැ නොවැ මෙ අයිස් බක්ට් කෙරුවාව . මුලින් මම ටිකක් මෙ ගැනත් කියන්නම් මොකො මෙකෙ ටියුබ් ලයිටුත්  ඉන්නවනෙ . ඔන්න ඕක පටන් ගත්තෙ ජූලි මාසෙ විතර . මේකට ASLඅයිස් බකට් චැලෙන්ජ් කියලත් කියනවා .මෙ වගෙ චැලෙන්ජ් ගනනාවක්  තිබුනට මෙ තරම් ජනප්‍රිය උනෙ නැහැ . සීතල වතුරට පැනීම වගෙ දේවල් . මෙවා ගොඩක් සිදුකරෙ එක එක දෙවල් අරමුනු කරගෙන අරමුදල් ගොඩනගා ගැනීමට . ASLඅයිස් බකට් චැලෙන්ජ් එකෙ අරමුන වනුයෙ ASL රෝගයෙන්   ( amyotrophic lateral sclerosis)පීඩා විදින්නන් වෙනුවෙන් අරමුදල් එක් රැස් කිරීමයි .මෙහි ඇති නීති රාමුවවන්නෙ අබියෝගය බාරගන්න කෙනා පැය 24 ක් තුල එය සිදුකල යුතුයි . ඔහු එය රූප ගතකර අන්තර් ජාලයෙ ප්‍රසිද්ද කල යුතුය . තවද ඇ .ඩොලර් 10 මෙම අරමුදලට බැර කලයුතුය . තවද ඔහුට කෙනෙකුට අබියෝග කල හැක . ඔහුට අබියෝගය බාර ගත නොහැකි වුනොත් ඇ .ඩොලර් 100 අරමුදලට බැර කල යුතුය . මෙය ඇමරිකාවෙන් ආරම්බවී මුලුමහත් ලොකයේම ප්‍රසිද්ද වුයෙ සාමජ ජාල හරහාය . මෙයට ලෝකෙ ප්‍රබල චරිත ගනනාවක් සහබාගි විය . බැරැක් ඔබාමා ඉදන් ලoකාවෙ ජීවන් ගෙ කෙලී දක්වා සහබාගි විය .

ලoකාව සමකාසන්න රටක් බැවින් අයිස් බකට් එකක් හලා ගැනීම නිකන් උඩ බලන් හූවක් කීම වැනිය . දැන් ඉතින් උබලා උඩබලන් ඔක කරන්න යන්න එපා . ඉතින් ඔය බකට් මගුල අපිට මහ ගේමක් නොමැති නිසා අපෙ උන් අලුත් චැලෙන්ජ් එකක් පටන් අරන් . එකෙ නම ශ්‍රීලංකා අමු මිරිස් චැලෙන්ජ්(#SLAmuMirisChallenge) . මෙහි අරමුන වනුයේ අපේරටේ මහා වියසනයක් වන රජරට වකුගඩු රෝගයෙන් පීඩා විදින අපේ රටෙ මිනිසුන් වෙනුවෙන් අරමුදලක් ගොඩ නැගීමට .මෙම අරමුදලින් පොලොන්නරුව ජාතික රෝහලට රුදිර කාන්දු කරන යන්තරයක් ලාබාදීමට . මෙය රුපියල් මිලියන් 3ක් විතර වෙනවා . එ කියන්නෙ ලක්ශ 30ක් . මෙය තමයි මෙහි ආරම්බක ඉලක්කය .  ඇත්තටම මෙය  මහා උතුම් කර්තව්‍යක් . රජරට බොහෝ ජනයා මෙම මූසල රෝගයෙන් පීඩා විදිනවා . අපි රසකර කන බත් ඇටෙ ගානෙ තියෙන්නෙ මෙ මිනිස්සුන්ගෙ කදුලු . ලoකාවෙ හැමෝම දවසක් හරි මෙ මිනිසුන් ගෙ කුබුරු වල හාල් පරිබොජනය කරල තියනවා . ඉතින් අපි එ අසරන මිනිසුන් වෙනුවෙන් මෙහෙම දෙයකට හරි දායක් වෙමු .
මුලින්ම කියන්න එපැයි මෙහි ආරම්බකයින් ගැන . සයිබර් අවකාශයෙ අපෙ සැරි සරන අපෙ සෙට් එකක් තමයි මෙ උතුම්  පුන්‍ය කර්මයට මුල් ගල තියලා තියෙන්නෙ . ඔවුන් නමින් SLAID . මොවුන් විවිද වුර්තීන් වල නියැලෙන සහෝදරයින් පිරිසක් . 
ඔන්න ඉතින් මම කියන්නම් කොහොමද මෙකෙ යන්නෙ කියලා . චැලෙන්ජ් එකෙ තමයි අමුමිරිස් කරල් තුනක් කන්න ඔනෙ . ඔබ මෙම චැලේන්ජ් එක බාර ගෙන අමුමිරිස් කරල් තුනක් කැවනම් ඔබට ඔබ කෑ මිරිස් කරල් තුනට හරියන්න තුන්දෙනෙකුට අබියොග කල හැකි . තවද මෙම අර මුදලට රුපියල් 100කින් ආදාර කරයුතුය . ඔබට අවාසනාවකට අබියොගය බාරගැනීමට නොහැකි වුනොත් ඔබ රුපියල්1000 කින් ආදාර කල යුතුය . මෙහෙමයි අමුමිරිස් කාලා ඔබට රුපියල් 100ට වැඩිය දාන්න පුලුවන්නම් දාන්න . මෙහෙමයි ඔබ සියලු අරමුදල් බැර කලයුත්තෙ සම්පත් බැoකුව කොලබ සුපිරි ශාකාව (Colombo super Branch ) ගිනුම් හිමිකරුගෙ නම -SLAID ගිනුම් අoකය -117561000881. ඔන්න ඔහොමයි විස්තරේ . ඔයාලට මෙ ගැන තව ඕන තරම් හොයාගන්න පුලුවන් බුකියෙනුයි උබෙ බටෙනුයි (youtube). මෙකට ගෘප් එකකුත් තියනවා එකට ගියහම ඔයාලට බලන්න පුලුවන් කට්ටිය ඌස් ඌස් ගාගා අමු මිරිස් කන හැටි . මෙ ඉතින් අපේම මිනිසුන් වෙනුවෙන් කරන වැඩක් නෙ . සහාබාගි වෙන්න . දන්න කියන හැම කෙනාටම කියන්න . තරහ කාරයොන්ටත් කියන්න අනෙ . කොහොමද උන් එතකොට අමු මිරිස් කද්දි දැනෙන කාලකන්නි සන්තෝසෙ . මම ඉල්ලන්නෙ විසේසයෙන් අපෙ පිට රට සිටින මිතුරන්ට . මෙය පතුරවන්න . ඔබෙ අමුමිරිස් කැම රූප ගත් කර ජාල ගත කරන්න . දන්න කියන හැමෝන්ටම අමු මිරිස් කවන්න . ඔබත් වකුගඩු රෝගීන් වෙනුවෙන් දායක වෙන්න .
ආ……! කියන්න බැරි උනානෙ මටත් ටොපිය සෙටි  වෙන්න යන්නෙ . දන්න කියන එකෙක්ට වැඩෙ සෙට් වෙලා . එ කියන්නෙ සිහින දකින්නාටත් අමුමිරිස් පිහිටයි .

Monday, September 1, 2014

SMS වලින් වෙනඋන් හොයන්නෙ නැතුව හොයපන්කො පොදු අපෙක්ශකයාවත් .

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ දැන් තමයි බොලව් හුස්මක් කටක් ගන්න පුලුවන් උනෙ . මොකො මෙ සෙමෙස්ටරෙ මම තුමාට විශ්ව විජ්ජාල දෙකක විබාග නොවැ . අව්ලක් නැහැ ඉතින් . ඔන්න සෙරම මගුල් ඉවරයි . මෙ දවස් වල අපෙ මොරටුවෙ විජ්ජාලෙ සුපර් උන්  ගොඩක්  මෙගොඩ උනා . උන් ඉතින් අර කලුපාට රෙද්ද පොරවන් බුකියෙ පොටො දානවා . ඔන්න ඉතින් හා හා පුරා කියලා උබලගෙ ඉදිරි අනාගතෙට සුබ පතනවා . (හොද පඩියක් හම්බවෙන ජොබක් හම්බවෙවා යලා )


ඔන්න මෙ දවස් වල ඉතින් ටිකක් ටෙලිවිසොන් එක  ගාව හිටියා . ඉස්සර නම් ඉතින් හැම චැනල් එකකම හැමොම තරගෙට සින්දු කියනවා . එත් දැන් මුන් තරගෙට නටනවා . නටනව කියන්නෙ අලුතෙන් අල්ලපු මාලු ගොඩ දාලවගෙ . මට තියන එකම අව්ල ඇයි මුන් මෙච්චර sms ගහගෙන නටන උන් වයි සින්දු කියන උන් වයි හොයන්නෙ . හොයපන් කො වෙන දෙයක් . අඩුම ගනෙ හොද විපක්ශයක් ,නැත්තම් අර නැතිඋන මැලෙ ගුවන් යානය , එහෙම නැත්තම් මෙ දවස් වල කට්ටිය ඉරාගෙන හොයන පොදු අපෙක්ශකයා වත් . නැහැ ඉතින් ඔය මගුල් වල මෙච්චර සීසන් පහ හය ගහගෙන මුන් හදන්නෙ ලoකාවෙ ඉන්න හැමොම ගායකයො නර්තන ශිල්පින් කරන්නනෙ . ටිකක් හිතන්න ඇත්තටම මුන් මෙච්චර ඉරාගෙන හොයන්නෙ ලoකාවෙ ගායකයොන්ගෙ හරි නටන උන්ගෙ හරි අඩුවක් තියනවා වගෙනෙ . නැහැනෙ ඔය ඉන්නෙ යස අගේට . මොකා අවත් තාම අර ඇගපුරා පච්ච ගහන් කරාබු දාගෙන හෙන මරාල පෙනුමක් ගන්න හැදුවත් අපෙ සමහර කෙල්ලෙක්ටවත් නැති අහින්සක කටහඩක් තියන බස් අජිත් (අජිත් මුතුකුමාර ) ගෙ ජනප්‍රිය තාවය  ඔහොම ආපු එකෙක්ට ලන් වෙන්න පුලුවන් උනාද . උන් නරකයි කියනව නෙවෙ . උන්ගෙන් කිපදෙනෙක් ගේම හරියට ගහගත්තා . එත් බහුතරයකට සොඩා බොතල් නියාය වැඩකරෙ . අවා ගියා .




ඇත්තටම මෙ මගුල් ක්‍රමෙ රටට  ඔන දෙයක් හොයන්න ගනින් කො . අර රනිල් සීයා ,රතු අයියලා සෙට් එක ඉරාගෙන හොයන අපෙක්ශකයා වත් .අඩුම ගානෙ රටෙ මිනිස්සු කාලා බිලා ඉන්නවද කියල අර 2500 න් . මොකෙක් ගෙ හරි උවමනාවකට ඉතින් අපෙ උනුතු ගිහින් ඔතන නටනව , සින්දු කියනව  ඇග විකුනලා හරි මුන් දිනන්න බලන්නෙ . හිතන් ඉන්නෙ ඔක දින්නහම සෙරම හරි කියල . කොහොමත් දින්න හැම එකාම මුල්කාලෙ එ චැනොල් එකෙන් උස්සලා තියනවා උ සින්දු කිව්වෙ නැතිඋනත් . ඉලග එකා ආවහම උ හොයාගන්නවත් නැහැ . අපෙ හරක් පට්ටිය ඉතින් ඉරාගෙන  sms  ගහනවා .මෙවා ඉතින් සිරිලoකාවටම හොදයි . දැන් ඉතින් උබලත් මෙක කියවලා ගිහින් අයෙත් අරවා බලලා sms ගහපන් . ජය වේවා …… සිහින දකින්නා …..! 
Related Posts Plugin for WordPress, Blogger...